×
×

Search This Blog

Android root

මොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ? මේක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ post එකෙන් කියන්නෙ root කරනව කියන්නෙ මොකක්ද කියල සහ ඒකෙන් අපිට ලැබෙන වාසි සහ අවාසි ගැන.

Android පෝන් එකක් හරි tab එකක් හරි අපි අලුතෙන් ගත්ත ගමන්ම අපිට එකේ හැම දෙයක්ම කරන්න බලතල දෙන්නෙ නෑ. එහෙම කරන්නෙ Android පෝන් එකේ ආරක්ෂාවට. root කරපුවහම වෙන්නෙ අපිට ඒ බලතල හම්බවෙන එක. 

තව විදිහකට කිව්වොත් Android පෝන් එකේ තියෙනව root storage කියල Storage එකක්. ඒකෙ අපිට කිසිදු වෙනස් කමක් කරන්න සාමාන්‍ය Android පෝන් එකකින් අවසර දෙන්නෙ නෑ.ඒකෙ තමයි Android මහෙයුම් පද්ධතිය install කරල තියෙන්නෙ. root කරන එකෙන් වෙන්නෙ අපිට ඒ root storage එකේ වෙනස්කම් කරන්න අවසර ලැබෙන එක.

දැන් Android පෝන් එකක් root කරනව කියන්නෙ මොකක්ද කියල පැහැදිලි ඇතිනෙ. දැන් අපි බලමු Android පෝන් එකක් root කරපුවහම අපිට ලැබෙන් වාසි සහ අවාසි ගැන.

Root කරපුවහම අපිට ලැබෙන වාසි

1. Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය හිමිවීම හෙවත් Super User බලතල ලැබීම.

2. Root කිරීමට පෙර ස්ථාපනය කිරීමට නොහැකි වූ Apps ස්ථාපනය කිරීමට හැකිවීම.

3. වෙනත් Android සංස්කරණ යාවත්කාලීන කරගැනීමට හැකිවීම.

4. System apps ඒ කිව්වෙ pre-installed apps උපාංගයෙන් ඉවත් කරගැනීමට හැකිවීම.

5. උපාංගයේ boot animation එක වෙනස් කරගත හැකිවීම.

6. Custom ROM දැමීමට හැකිවීම.

Root කරපුවහම අපිට ලැබෙන අවාසි

1. Root කරන අතරතුර Android පෝන් එක brick ( soft brick = නැවත පෝන් එකට Android install කර යතා තත්වයට පත් කරගත හැකියි. hard brick = යලි යතා තත්වයට පත් කරගත නොහැක. ) පත් විය හැකියි. 

2. Warranty එක අවලංගු වී යයි. නමුත් සමහර නිෂ්පාදන ආයතන unroot කරාට පස්සෙ warranty එක ලබා දෙන අතර තවත් නිෂ්පාදන ආයතනවිසින් root කළ විට warranty එක අවලංගු නොකරයි.

3. ආරක්ෂාව අවම වීම. Root කරාට පස්සෙ සියලු බලතල ලැබෙන නිසා පෝන් එකට virus වැනි දේ වලින් වන බලපෑම වැඩිවීම.

Comments